කැලණියෙන් එකට..
කඩවත බැප්ටිස්ට් විද්‍යාලය මෙවර ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතය 30.12% ලෙස සටහන් කරමින් කැලණිය අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත. මීට අමතරව විශේෂ අවශ්‍යතා දරුවෙක් ද ශිෂ්‍යාධාර ලැබීමේ හිමිකම සහිතව සමත්ව ඇත. විදුහල්පතිනියගේ සැලසුම් සහගත වැඩ පිළිවෙල, විදුහල්පතිනිය ඇතුළු සියළුම ගුරුවරුන්ගේ කැපවිම, ගුරුවරු සේ ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහය ද මෙම සාර්ථකත්වයට ඉවහල් විය. ශිෂ්‍යත්වය සමත් කිරීමට ඉලක්ක ගත වීම ම පමණක් නොව සාධන මට්ටම අඩු දරුවන් උදෙසා අඛණ්ඩ සංවර්ධන වැඩසටහන් ද විදුහල්පතිනියගේ මූලිකත්වයෙන් පාසල තුළ ක්‍රියාත්මක කෙරේ.
