හිතන්න යමක් වැඩිහිටි ඔබට
v
ස්වභාවධර්මය අපට කියා දෙන දේවල් බලමු.
·
පරිසරයට ආදරය නොකළ ඔබ පරිසරයට කළ අකටයුතුකම් බොහෝය.
§
වන සම්පත විනාශ කිරීම
§
වන සතුන් මරා ගෙන කෑම
§
ජලය දූෂණය කරමින් ගංගා, ඇළ ,දොළවලට අපිරිසිදු දේ දැමීම
§
කෘමි නාශක, වල් නාශක භාවිතය
§
වගුරු බිම් ගොඩ කිරීම ඉන්
සමහරකි.
·
ළමයි ළමුන් බව අමතක කිරීම
§
අපචාර කටයුතුවලට යොදා ගැනීම
§
අපයෝජනයට ලක් කිරීම
§
කායික මානසික හිංසනයට ලක් කිරීම
§
නිදහස උදුරා ගැනීම
§
ළමුන් ගේ අපේක්ෂා වෙනුවට මවුපිය අපේක්ෂා පමණක් ඉටු කර ගැනීමට යාම
§
උපන් දරුවන් මහමග දමා යාම හෝ මරා දැමීම ඇතුලු තවත් බොහෝ දේ.
·
සම්මතයට එරෙහි වීම
§
ගබ්සා කිරීම
§
පණඇති සතුන් එසැනින් මරා කෑම(සර්පයන්, හාවන් ,බල්ලන් .......)
§
මානසික විකෘතිතා ඇති කරන මත්ද්‍රව්‍ය වලට, මත් පැන්වලට ඇබ්බැහි වීම.ඒ නිසා ඇතිවන විකාති මානසික ක්‍රියා වල නිරත වීම
තමන්ගේම මව ,නැගණිය දූෂණය
කිරිම.කුඩා ළදැරියන් ,මිත්තණියන් දූෂණය කිරීම.බිහිසුනු ලෙස කපා කොටා
මැරීම.සමූහ දූෂණ
§
තම මහලු මවු පියන් නොසලකා අතහැර දැමීම.ඇතුලු තවත් බොහෝ දේ
Ø ඔබ මේ කිසිවක් නොකලෙක් විය හැක.නැතිනම් ඉන් එකක් හෝ
කීපයක් කළ කෙනෙක් විය හැක.
Ø ස්වභාව ධර්මය
සිටිය යුත්තන් ඉතිරි කර තවත් කොටසක් මිහිමතින් ඉවත් කරනුයේ මන්ද ?
Ø සුනාමි, ගං වතුර,භූමි කම්පා, ලැව් ගිනි ,නායයාම්....දැන්
භයානක වෛරස්.
v
මේ ඔබට හිතන්නට කාලයයි.
v
මේ විවේකය......................., අධි වේගයෙන් දිවූ ඔබ... සුවපත් කරන්නටයි.
v
ආත්මාර්ථකාමිත්වයෙන් වැඩ කළ ඔබ ...පරාර්ථකාමී කිරීමටයි.
v
උදුරාගත් නිදහස ...යළි දරුවන්ට දීමටයි.
v
නොසකා අතහැර දැමු මවුපියාට... ළං වී උවටැන් කිරීමටයි.
v
දරුවන්ගේළමා කාලය දරුවන්ට දෙන්නටයි.
v
ගරු කළ යුත්තන්ට ගරු කිරීමටයි.
v
එකිනෙකාට ගරු කිරීමටයි.
v
පවුල තුළ ආදරය,
කරුණාව, සමගිය, ගරුත්වය
අඹු සැමියන් අතරත් දෙමාපිය දරුවන් අතරත්
හොදින් පවත් වා ගෙන යාමටයි.
v
තම තමන් ගේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කිරීමටයි.
v
තම රැකියාව බොරුවෙන් ,වංචාවෙන්
තොරව නිසි ලෙස අනලස්ව ඉටු කිරීමටයි.
v
අත්හැර දැමූ ,මගහැරී ගිය ගුණ දම් යළි ඇති කර ගැනීමටයි.
v
සමස්ත පරිසරයටම ආදරය කිරීමටයි.
v
එකිනෙකා පරයා තරග නොකරන්නයි.
v
සහජීවනයෙන් ජීවත් වෙන්නයි.
v
ජීවිතයේ සෑම තත්පරයක්ම අර්ථවත්ව ගත කිරීමටයි.
v
මහ පොළොවටත් රටටත් මවුපියන්ටත් බරක් නැති ජීවිතයක් ගත කරන්නටයි.
විදුහල්පති/කඩවත බැප්ටිස්ට් විදුහල