4-
ගණිතය
පරිමාව හා
ධාරිතාවය-1
13 සතිය
(අවබෝධය සඳහා ගණිත
පෙළ පොත පිටු අංක44 සිට බලන්න.)
නිපුණතාවය-පරිමාව හා ධාරිතාවය ඇතුළත්
ගැටලු විසඳයි.
ඉගෙනුම් සම්පත්:- ධාරිතාවය ලීටරයක් වන භාජන/විවිධ ප්‍රමාණයේ
ලීටරයට අඩු භාජන/මිලි ලීටරය ලකුණු කර ඇති මිණුම් සරාවක් හෝ වෙනත් බදුනක් /පුනීලයක්
/ වතුර,වතුර දැමීමට බේසමක්
· ක්‍රියාකාරකම 01-මිලි ලීටරය හදුන්වා දීම
ලීටර 1ක් හෝ ඊට වැඩි
භාජනයක් දරුවාට පෙන්වා එහි දියර ප්‍රමාණය දැන ගන්නා ආකාරය විමසීම.ද්‍රව මැනීමේ දී
භාවිතා කරන සම්මත ඒකකය ලීටරය බව දරුවාට කියා දෙන්න.
එහි සංකේතය විමසීම. එය - l (එල් )බව කියා දෙන්න.
ලීටරයක බදුනක් පෙන්වීම.එයට ජලය දැමිය හැක්කේ ලීටරයක් බව කියා දෙන්න .
මිලි ලීටර 200ක භාජනයක් පෙන්වන්න.එහි ඇති ප්‍රමාණය විමසන්න.එය ලීටරයට වඩා
අඩු බව කියා දෙන්න.එම භාජනයට වතුර පුරවා ලීටරයේ භාජනයට දමා පෙන්වන්න.එම කුඩා ප්‍රමාණ
මනින ඒකකය මිලිලීටරය බව පැහැදිලි කරන්න.
මිලි ලීටර 100ක භාජනයක් පෙන්වන්න.එහි
ඇති ප්‍රමාණය විමසන්න.එය ලීටරයට වඩා අඩු බව කියා දෙන්න.එම භාජනයට වතුර පුරවා
ලීටරයේ භාජනයට 10 වතාවක් දමා පෙන්වන්න. ලීටරයකට මිලි ලීටර
1000 ක් බව කියා දෙන්න.100 ඒවා 10 කින් 1000
ක් සෑදෙන බව පැහැදිළි කරන්න.
විවිධ භාජන වල සටහන්ව ඇති
දියර ප්‍රමාණ දරුවාට පරික්ෂා කිරීමට දෙන්න.විවිධ භාජන ලීටරයේ භාජනයෙන් ජලය පුරවා
මනින්න.ජලය අල්ලන ප්‍රමාණය ලියන්න.(බේසම .ජෝගුව ) ජලය මැනීමට පෙර එම භාජනවලට අල්ලන
ජල ප්‍රමාණය දරුවාට නිමානය කරන්න කියන්න.(අනුමානයෙන් කීම)
භාජනය
|
නිමානය කළ ප්‍රමාණය
|
අල්ලන(සැබෑ ) ප්‍රමාණය
|
අභ්‍යාස පොතේ සටහන් කරන්න
කුඩා ද්‍රව ප්‍රමාණ මනිනු ලබන්නේ මිලි ලීටර වලිනි
|
·
ලීටරයකට මි ලීටර කීය ද? මිලි ලීටර 1000 යි (1ł =1000mł)
·
මිලි ලීටර 1000 ක් ලීටර කීය ද? ලීටර 1 යි (1ł )
·
ලීටර 2 කට ඇති මිලි ලීටර ගණන කීය ද? 2000mł
·
මිලි ලීටර 5000 ක ලීටර කීය ද? 5ł
·
ලීටර බාගයකට මිලි ලීටර කීය ද? 500mł
·
ලීටර කාලකට මිලි ලීටර කීය ද?
250mł
·
ලීටර තුන්කාලක් යනු මිලි ලීටර
කොපමණ ද? 750mł
·
මිලි ලීටර 100 යේ ඒවා 10 ක් ලීටර
කීය ද?1 ł
·
තේ හැන්දකට අල්ලන ප්‍රමාණය කොපමණ
ද? 5 mł
·
පීරිසි කෝප්පයකට අල්ලන ප්‍රමාණය
කොපමණ ද? 200 mł
·
සිසිල් බීම බෝතලයකට අල්ලන ප්‍රමාණය
කොපමණ ද? 350 mł
|
අභ්‍යාස
1.ගණිත පොතේ අංක 01 වගුව පුරවන්න.
2.සංකේත යොදා ලියන්න.
ලීටර 2 =................. ලීටර
5 =........................
ලීටර 9=......................... ලීටර
10=.....................
ලීටර 12=.......................... මිලි ලීටර
400=.................
මිලි ලීටර 750=................. මිලි ලීටර
50=.................
මිලි ලීටර 100=................. මිලි ලීටර 500=.................
ලීටර 1 මිලි ලීටර 250 =...1 ł ..250 mł......... ලීටර
4මිලි ලීටර 750 =.....................
ලීටර 2
මිලි ලීටර 750 =............................. ලීටර 5 මිලි ලීටර 350
=......................
3.මිලි ලීටර ප්‍රමාණය ලියන්න.
7 ł=.................................... 7 ł=....................................
9 ł=.................................... 4 ł=....................................
6 ł=.................................... 3 ł=....................................
2 ł 500mł =.......................... 3 ł 400 mł=....................................
8 ł 500 mł =....................... 3 ł 50 mł = .............................
4.ලීටරවලින් ලියන්න.
1000mł =........................... 3000mł =...........................
6000mł =........................... 9000mł =...........................
10000mł =...........................
5 ගණිත පොතේ ඉතිරි අභ්‍යාස කරන්නන්න.
සැකසුම:-
4ඒ-මනෝජා
හේම කුමාරි 4 සී -මල්ලිකා රත්නායක සංස්කරණය:-විදුහල්පති
No comments:
Post a Comment