Wednesday, May 13, 2020

4 වසර සිංහල


1 පාඩමේ සිට 5 පාඩම දක්වා පුනරීක්ෂණ අභ්‍යාසයක්

1.මුලින් දක්වා ඇති අකුර මුල් කර ගෙන වගුව පුරවන්න.
අකුර
ගැහැනු
පිරිමි
මල්
පලතුරු
සත්තු
ගම්
ගයනි
ගයාන්
ගැට පිච්ච
ගස්ලබු
ගවයා
ගාල්ල






























5*6=30
2.විශේෂණ පද වලට යටින් ඉරක් අදින්න.
සෙල්ලම් පන්තිය                                               ලස්සන සිහිනයක්
සුන්දර ගම්මානයක්                                            පොඩි ළමයෙක්
කොටු කමිසය                                                    චිත්‍ර කතා
පුංචි කකුල්                                                        නිල් වතුරෙන්
                                                                                                1*8=8
3.විරාම ලකුණු  යොදන්න.
* සිබිල් නැන්දා හෙවත් සිබිල් වෙත්තසිංහ මැතිනිය එදා ඒ සිහින දුටු කුඩා දැරි යයි
*ඔහු විසින් නිර්මාණය කරන ලද අමුතු කතා පළ වූයේ තනි කථාංග වශයෙනි
2*2=4
4.පද ගළපා අර්ථවත් වැකියක් සාදන්න.
* ගමේ/ නිවාඩුවට/ මම/ ගියෙමි.  ............................................................
* පැතිරෙයි/සුවඳ/ගෙමිදුල /මගේ/පුරා/මල් ................................................................................
* විඩා බර ගතට / අපමණ ය /ලැබන සුවස /  තුරු සෙවනේ
.............................................................................
*  ඒ සිහින /සැරිසරසමු‍ /අපි /ලෝකවල
.............................................................................           2*4=8

5.පහත දැක්වෙන  වචනවලට විරුද්ධ පද ලියන්න.
සතුරෝ=.............................     නරකයි=..........................
පොළොවේ=.........................    සම්පූර්ණ=........................
දකින=..........................            මතක=............................
කළ=.............................           ගැඹුරැ=............................
රෑ=................................           =...............................
                                                                                         2*10=20
6.බහු වචන පද ලියන්න.
 පන්තිය=............................                       මම=............................
සෙල්ලම=..............................                   කොළය=..........................
ජයග්‍රහණය=........................                       සිහිනය=.......................
සීයා=.....................................                  රැවුල්=..........................
ළමා කතාව=...........................                   සාක්කුවේ=.......................
                                                                                                2*10=20 7.නිර්මාණාත්මක වැකි 3 ක් ලියන්න
 නෙලුම් මලක් කථා කරයි.
...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
..........................................................................................................................................
                                                                                                  2*6=6
අත්අකුරුවලට =4    මුලු ලකුණු =100
6-රෙදි වියනා මකුළු දැරිය

1.පද ඈත් කර ලියන්න.
* මකුළුවා/හරියට/දුක /යොසාකුට/හිතුණා/ගැන
.......................................................................................
*හැංගුණා/මකුළුවා/බිස්සේ /තණ
........................................................................................
*වේගයෙන් /පස්සේ /සර්පයා /පැන්නුවා/මකුළුවා
....................................................................................

2.ඡේදය ඇසුරෙන් පිළිතුරු ලියන්න
ඇය කපු පුළුන් ටික ළං කර‍ ගෙන වැඩ පටන් ගත්තා.දවස අවසානයේ දී ගෑනු ළමයා කරලා තියෙන වැඩ බලන්න යොසාකු කාමරයට ගියා.ඒ වන විටත් ඇය කිමෝනෝ අටක් මහන්න ප්‍රමාණවත් රෙදි කෑලි අටක් වියා තිබුණා.

*ආඛ්‍යාත පද තෝරා ලියන්න. .............................................................
*දීර්ඝ ඇදය සහිත වචන දෙකක් තෝරා ලියන්න .   ...........  .....................
*ප්‍රාණවාචී ඒක වචන නාම පදයක් තෝරා ලියන්න. ................................
*අප්‍රාණ වාචී නාම පද දෙකක් නතා්රා ලියන්න. .....................................
*අප්‍රාණ වාචී බහු වචන පදයක් තෝරා ලියන්න. .....................................
*  ‘අවසානයේ’ දී යන වචනයට විරුද්ධ වචනය ලියන්න.  .........................

3.සමාන පද ලියන්න
*අතීතයේ=........................                           *හිස=..........................
*උදව්වට=...............................                     *කුතුහලයක්=.................
*ජනේලයෙන්=........................                     *කකුල්=......................
*කටින්=.................................             *අහසේ=.....................
වලාකුළු=................................             *සුදු=........................

7.සරු පොළොවක් අපට ඇතේ


1.මෙම පද්‍ය පන්තිය කාගේ රචනයක් ද?..........................................
2.ඉන්දිය සයුරේ මුතු ඇටයයි කියා වර්ණනා කරන්නේ කුමක් ද? .............................
3. ‘රත්න’ යනු මොනවා ද?...........................................
4.නිල් පලසකට උපමා කර ඇත්තේ කුමක් ද ?...................................
5.පිය ගැට පෙළකට උපමා කර ඇත්තේ කුමක් ද? ................................
6.මෙහි කිය වෙන දිය ඇළි මොනවා ද? ..............................................
7.මෙහි ගංගා කීයක් කියවේද?...........................................................
8.විශේෂණ පද දෙකක් තෝරා ලියන්න. .............................................
9. ‘මගේ රට’ ගැන රචනයක් ලියන්න
............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
10. . ‘මගේ රට’ ගැන කවියක් ලියන්න .
................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................




උපමා උපමේය ඉගෙන ගනිමු
අලියා කළුගලක් වගෙ යි .
අලියාගේ කකුල් වංගෙඩි වගෙ යි .
ඇගේ තොල් පෙති නා දලු මෙන් ය.

·     මෙහි ඉරි ඇදි පද උපමා වේ.
·     එම උපමාවලින් විස්තර වන පද වන අලියා, අලියාගේ කකුල් ,නා දලු යන වචන උපමේයන් චේ.
·     මෙම වගන්ති වල යෙදීඇති ‘වගෙ’ යි, ‘මෙන්’ ය යන පද නිපාත පද ය.
·     මෙම කවියේ ඇති උපමා උපමේය හදුනා ගන්න.
       නිල් පලසක් එළුවාසේ
      රුහුණු රටේ වෙල් සියයි
      පිය ගැට පෙළ කැපුවා සේ
     උඩරට පොඩි ලියදි පෙළයි

·     මෙම කවියේ කොළ පාටින් දක්වා ඇත්තේ උපමා ය.
·     ඒවායෙන් විස්තර වන රුහුණු රටේ වෙල් යාය ,උඩරට පොඩි ලිය දි පෙළ  උපමේයන් වේ.
·     ‘සේ’ යනු උපමාව හා උපමේය සම්බන්ධ කළ නිපාත පදය යි.
·     පෙළ පොතේ මෙවැනි තවත් උපමා යෙදුන තැන් හුනා ගන්න.
08 පැන්සලක් වගේ හො මිනිසෙක් වන්න
§   පාඩමෙන් උගත හැකි සමාන පද
ලියුමක් =හසුනක්            හතර වෙනි=සිව් වෙනි
මනුස්සයෙක්= මිනිසෙක්  සහයෝගයෙන්= එකමුතුකමෙන්
       පුදුම= විස්මිත                 හො = යහපත්
වටිනා =අනගි

§       පාඩමේ හමුවන පහත සහන් පද විස්තර කරන්න.
ලියුමක්- අප්‍රාණවාචී ඒක වචන  නාම පදයක්
කිරිඅම්මා-..........................................
පැන්සල-............................................
මුනුපුරා-.............................................
අපි-...................................................
මිනිරන් කූර-....................................
§        නිර්මාණාත්මක වැකි තුනක් ලියන්න.
මමත් පැන්සලක් වගෙයි ............................................................................................................................................................................................................................................................................
09 නුවණැති නායකයා 
·     පහත සඳහන් වචන තෝරා වගුවේ ලියන්න.
බරණැස් ,ප්‍රදේශයකට, විශාල , විෂ , වෘක්ෂයක් ,සමහර , ප්‍රකාශ ,ඖෂධ , වස්තුව , විස්මය
දන්තජ  ‘ස’
මුර්ධඡ ‘ෂ’
තාලුජ ‘ශ’













·     ඒක වචන පද ලියන්න
ගැල්-........................        කණ්ඩායම්- ....................
ගැල්කරුවන්-.................... කොළ-..........................
ගෙඩි-..........................      ඔවුහු-.............................
ඖෂධ-........................       අපි  -........................
ගම්වැසියෝ-...................     ගවයින් -......................
වස්තු-..........................       පිළිතුරු-.......................

·    නිර්මාණාත්මක වැකි තුනක් ලියන්න
මම ගවයෙක් වෙමි
...................................................................................................................................................................................................................................................

No comments:

Post a Comment