ඔබට සුබ වෙසක් මංගල්‍යක් ම වේවා!
පිරිපුන් තරිදු නිල් අහසේ පායද්දී
අරුණලු සමග නෙලුමන් විකසිත වෙද්දී
සිදුහත් කුමරු මේ මනු ලොව ඉපදේදී
සොබාදහම හැඩවූවේ මල් පීදී
දහම් සිසිල ලෝ සත වෙත බෙදන්න
බෝසමිදුන්ගෙ සෙවණේ රැස් විහිදන්න
සිදුහත් බෝසතුන් මර සෙන් පරදන්න
බුදුබව ලැබූ වෙසගේ සමරන්න
බුදුහිමි පිරිනිවන පෑ ලොව කම්පිත වෙද්දී
සැම අනියත බව සත වෙත වැටහෙද්දී
තෙල් මල් රැගෙන පන්සල් වෙත ගියෙ පෙර දී
තෙල් මල් රැගෙන පන්සල් වෙත ගියෙ පෙර දී
පන්සිල් පද නිති රැකුමට සිහි කරදී
පෙර මෙන් බැහැනෙ අද දං පිං කරන්න
ආරක්ෂාව පළමුව ඔබ හිතන්න
නිවසේ සිට බුදු තෙමගුල සමරන්න
සැරසිලි වෙසක් පහනින් ගෙමිදුල සරසන්න
ඉගිලෙන සතුන් හට අහරක් දීමෙන්ද
ඇවිදින සතුන්ටත් කැමක් දීමෙන් ද
අසලම දිළිදු පවුල් වෙත කළ උපකාරෙන්ද
සැනසෙනු මෙවන් පිංකම් කෙරුමෙන් ද
ඇසට එන කදුල ඉවසීමෙන් ද
වෛරය පලක් නැතිබව නිති සිත මින්ද
මෙත් පතුරවමු හැම සිල් පද රකිමින්ද
වසංගතය උඩු සුළගේ මියේවා
ලක් දරුවන් කිසිවෙක් මිය නොවේවා
ලෙඩදුක් ඉක්මනින් මෙරටින් වියකේවා
දළදා සරණ ඔබ හැමටම අත් වේවා
මෙත් සිසිලෙන් ඔබෙ හදවත පිරේවා
සිල් සුවදක් ඔබ අසලින් දැනේවා
සංසුන් බවින් සත වෙත ගුණ ගැයේවා
තිසරණ පිහිට ඔබටත් නිති ලැබේවා
No comments:
Post a Comment